Tuesday, April 15, 2014
we love lasith malinga
ජය වේවා ලසිත් මාලිංග
අවුවෙ කට්ට කාල දුක විදල ක්‍රිකට් ගැහුවේ media කාරයන්ට ඕනෙ විදියට ඉන්න නෙමෙයිනෙ.අනික තමන්ගෙ හැකියාව පාවිච්චි කරල ලක්ශ ගනන් නෙමෙයි කෝටි ගනන් හෙවුවත් ඒ හොයන්නෙ තමන්ගෙ මහන්සියෙන් හැකියාවෙන් මිසක් අනුන්ට වල කපල නෙමෙයි.ඒ නිසා මාලි IPL එකට ගැහුවා කියල මටනම් වරදක් පේන්නෙ නෑ.මොකද මාලි IPL ගැහුවෙ නෑ කියල සත 5ක් දෙන්න එකෙක් ඉන්නවද?ඇමති මන්ත්‍රීල අනුන්ගෙ සල්ලි උඩ පිනුම් ගහන්න හොදයි නම් මාලිංග ක්‍රිකට් ගහල සල්ලි හොයන එකෙ වරදක් නෑනෙ..ඕනෙම දෙයක් පාට පාටින් දෑම්මොත් හොට් නිවුස් කියල මාකට් කරන්න පුළුවන් මේ රටේ මාලිංගට මඩ ගහල චෑනල් එක ප්‍රසිද්ද කර ගන්න පුළුවන් කියල සමහර මීඩියා කාරයෝ හිතුවට එදත් අදත් අපි හිටියෙ මාලිංගගේ පෑත්තේ.අනික මීඩියා කියලා හෑම දේටම හොම්බ දාන්න අයිතියක් උන්ට නෑනෙ.එහෙනම් මීඩියා කාරයෝ කරන කියන හැමදේමත් පත්තර වල දාන්න ඕනෙ.කන්න ඕනේ වෙලාවට කබරයාව තලගොයා කර ගන්න මේ රටේ සමහර ගං කබරයන්ට මාලිංග දුන්නේ නියම උත්තරයක්.ලංකාවේ ක්‍රීඩකයො IPL ගහන එක වැරැද්දක් කියල සමහරු කියන්නෙ හරි හැටි හේතු දැනගෙනද කියල දන්නෙ දෙවියො තමයි.ඉන්දියන් කාරයෝ IPL හරහා අපේ අයගේ බෝල් වලට පුරුදු වෙනව නම් අපි T20 දිනුවෙ කොහොමද.....????
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment