මේ දවස් වල lg lcd tv සහ ජංගම දුරකතන බොහෝමයක භාවිතා වෙන IPS ඩිස්ප්ලේ ගැන ඔබ අසා ඇති.
IPS යනු බොහෝ සෙයින් TFT ඩිස්ප්ලේ වලටම සමාන ඩිස්ප්ලේ වර්ගයකි.නමුත් TFT ඩිස්ප්ලේ වල මෙන් නොව IPS වල TRANSSISTOR ලේයර් 2කි.එමෙන්ම TFT තිර වල responce time ඉතා අඩු බැවින් ඉතා සංවේදී අතර multimedia device සදහා ඉතා යෝග්‍යා වේ.IPS පැනල වල දර්ශන කෝණයද වැඩි නිසා මේවා multimedia device සදහා තවත් යෝග්‍ය වේ.IPS පැනල වල තවත් ගුණාංගයක් වනුයේ එහි දීප්තියද වැඩි වේ,එනිසා දැඩි හිරු එලියේදී පවා හොදින් වර්ණ දිස් වෙයි. 80 දශකයේදී මුලින්ම ලොවට හදුන්වා දුන් මේ තාක්ශනය වැඩි දියුනු කිරීමෙහිලා පුරෝගාමී ආයතන වනුයේ HITACHI සහ LG වේ.HITACHI සමාගම 1996 සිට 2010 දක්වා කාලය තුලදී පියවර කිහිපයකින් මේ තාක්ශනය වැඩි දියුනු කොට ඇත.
Ips පැනල නිශ්පාදනය කරන සමාගම් ප්‍රධාන වශයෙන් 3කි.ඒ hitachi,lg සහ panasonic සමාගම් ත්‍රිත්වයයි.
Apple ජංගම දුරකථන වල භාවිතා වන්නේද ips ඩිස්ප්ලේ එකකි.එමෙන්ම ලොව 5 වන විශාලම ජංගම දුරකථන නිශ්පාදන සමාගමක් වන huawei සමාගම තම නිශ්පාදන සදහා බොහෝ විට යොදා ගන්නේ ips ඩිස්ප්ලේ වේ.
TFT LCD වලට වඩා IPS ඩිස්ප්ලේ මිලෙන් අධික වන අතර ඉහල ගුණාත්මක භාවයකින්ද යුක්ත වේ.


No comments:
Post a Comment