Wednesday, April 16, 2014

තාක්ශනය ප්‍රදර්ශනයට පමණක් සිමා විය යුතුද?රටේ උන්නතිය සඳහා යොදාගත හැක්කේ කෙසේද?

සන්නිවේදන,තොරතුරු තාක්ශන,විනෝදාශ්වාද,ජීව විද්‍යා,අභ්‍යවකාශ විද්‍යාව ආදී නොයෙක් අංශයන්හි උන්නතිය හා ප්‍රගමනය කෙරේ සෘජු දායකත්වයක් ලබාදුන් යම් දෙයක් වේනම් ඒ ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි. ඇසට නොපෙනෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන යන පදාර්තයේ මූලික තැනුම් ඒකක භෞතික විද්‍යා න්‍යායන් ඔස්සේ රිසි සේ පාලනය කරමින් කෙතරම් කාර්යයක් කල හැකිද යන්න ඔබට තවමත් වටහා ගත නොහැකිනම් මට ඔබට ඊට දිය හැකි සරලම පිළිතුර වනුයේ ඔබ දැන් මේ ලිපිය කියවන්නේ එකී න්‍යායන් හි ප්‍රායෝගික යෙදුමක් නිසාවෙනි.
මේ ලිපියෙන් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව අපේ රටේ දියුනුව කෙරේ දායක කර ගත හැකි ආකාරය ඔබට පසක් කර දීමටයි.නමුත් කනගාටුවට කාරණ‍ය නම් වග කිවයුතු අංශ මේ පිලිබදව තම අවදානය යොමු නොකිරීමයි.තවමත් අපේ රටේ ප්‍රදාන විදේශ විනිමය උපයන මාර්ගය ලෙස ඔවුන් දක්වන්නේ ඇඟළුම් නිශ්පාදනය,තේ,පොල්,රබර් පමණි.ලොව දියුන ආර්ථිකයන්ට හිමිකම් කියන සෑම රටක්ම පාහේ එම සාර්ථකත්වයට ලඟා වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික තාකශනය පදනම් කරගෙනයි.(‍රථ වාහන නිශ්පාදනයද ඇතුලත් විය යුතුයි),එනම් ජංගම දුරකථන පරිඝනක ආදීයේ සිට විශාල ප්‍රමානයේ යන්ත්‍රෝපකරණ නිශ්පාදනයෙනි.ඊට ක්දිම නිදසුන මෑතකදී ලොව විශාලම ආර්ථිකයන්ගෙන් එකකට හිමිකම් කියන චීනයයි.madein china යන වචනය දුටුවොත් ඔබේ මනසට එන්නේ තත්වයෙන් බාල උපකරණ යන අදහසයි.නමුත්ලොව වේගවත්ම දුම්රිය වන බුලට් දුම්රිය චීන නිශ්පාදනයකි.ලංකාවට ගෙනවන ජංගම දුරකථන වලින් වැඩි ප්‍රමාණයක් චීනයේ නිශ්පාදනයන් වේ.ඊට හේතුව ඉලෙක්ට්‍රොනික් තාක්ශනය චීනය පුරා මුල් බැස ගැනීමයි.
එසේනම් ලංකාව වැනි ඉලෙක්ට්‍රොනික තාක්ශනය පිලිබද ඉහල දැනුමක් ඇති අය සිටිද්දීත් ඒ පිලිබදව වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවීම ඛේදවාචකයක් නොවේද?,
කෙටියෙන්ම කිවුවොත් පොල් ගාන යන්ත්‍රයට හෝ ඉලෙක්ට්‍රොනික් තාක්ශනය භාවිතා කල හැකිනම් එය පවා අපට පිට රටවලට අලෙවි කල හැකිය.
නමුත් අවාසනාවට අපේ රටේ ක්‍රියා පටිපාටිය ඊට පටහැනිය.නව නිර්මාණ ප්‍රදර්ශන වලට පමනක් සීමා වී ඇත්.ඒවා කාර්මික වශයෙන් නිශ්පාදනය කිරීමට අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට කිසිඳු රජයක් පියවර ගෙන නැත.බලදාරීන් පුටු රත් කරමින් රජයේ මුදලින් යැපෙමින් සැප විඳිනවා පමනයි.නව නිර්මාණ කරුවන් මුහුන දෙන ගැටළු රූපවාහිනී ඔස්සේ ඔබ දැක ඇති බවට සැකයක් නොමැත.ලෝකය අද ඔබ අප ජීවත් වෙන තත්වය කරා ගෙන ඒමට නව නිර්මාණ කරුවන්ගෙන් ලැබී ඇත්තේ සුළු පටු කාර්‍යයක් නොවේ.මක් නිසාද යත් අප් අද පරිහරණය කරන සෑම දෙයක්ම නව නිර්මාණ කරුවන් විසින් මෙලොවට දායාද කරන ලද ඒවාය.

එනිසා රටේ ඉදිරි අනාගතයේ ප්‍රගමනය ස‍දහා තාක්ශනික දැනුම ඉවහල් කර ගැනීමට තරම් මොලයක් අපේ රටේ පාලකයින්ට ලැබේවායි කියා අපි ප්‍රාර්ථනය කරමු.


මේ පිළිබඳව ඔබේ අදහස් පවසන්න.

No comments:

Post a Comment