Monday, April 21, 2014

න්‍යෂ්ටික බලාගාර මුහුද මැද ගොඩනගන සැලැස්මක්

භූමිකම්පා සහ සුනාමි තත්වයන් විසින් න්‍යෂ්ටික බලාගාර වලට සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමේ අරමුණින් ඉදිරියේදී න්‍යෂ්ටික බලාගාර මුහුද මැද ගොඩනගන සැලැස්මක් මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි ජැකොපෝ බුවොන්ගියොර්නෝ පවසන්නේ මෙමගින් සුවිශේෂී වාසි ගණනාවක් හිමිවන බවයි.
ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ න්‍යෂ්ටික විද්‍යා සහ ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය මහාචාර්යවරයාද වේ.
මෙම සැලසුමට අනුව න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරකය මුහුද යට ඉදි කෙරෙන අතර එම නිසා ඔනෑම අවස්ථාවකදී උණු වී යාමකට පෙර මුහුදු ජලය මගින් සිසිල් කළ හැකි වේ.

මේවා භූමිකම්පා හෝ සුනාමි තත්වයන්ට ඔරොත්තු දෙන අතර 2011දී විනාශවූ ජපානයේ ෆුකුෂිමා බලාගාරය වැනි අනතුරක් සිදුවීමේ අවස්ථාව ඉතාමත් අඩු බව පැවසේ.

No comments:

Post a Comment