ඉන්දියානු යතුරුපැදි නිශ්පාදකයෙකු වන හීරෝ(Hero motorcorp) යතුරුපැදි සමාගම ලොව ප්‍රබල අධිබල යතුරුපැදි නිශ්පාදකයෙකු වන EBR(errick buell racing)සමග වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇත.මේ අනුව හීරෝ සමාගමට EBR සමාගම සමග තාක්ශනය හුවමාරු කිරීමටත්,එකට එකව අධිබල යතුරුපැදි නිශ්පාදනයටත් ඉඩ කඩ හිමි වනු ඇත.
මීට ඉහතදී හීරෝ සමාගම ජපානයේ හොන්ඩා යතුරුපැදි සමාගම සමග එක්ව තම නිශ්පාදන කල අතර හීරෝ සමාගම හොන්ඩා හි වැඩි කොටස් ප්‍රමාණයක් මිළදී ගැනීමත් සමග හීරෝ ලෙස තනිව නිශ්පාදන කටයුතු කිරීමට පියවර ගත්හ.
ඉන්දියානු යතුරුපැදි ලොව ජනප්‍රිය වීමට මෙය ඉවහල් වනු ඇති බවට විචාරකයන් අදහස් පල කරයි.
EBR යනු ඇමෙරිකානු සමාගමක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන නිශ්පාදනය වනුයේ අධිබල යතුරුපැදි වේ.
TVS සමාගම BMW සමාගම සමගද, සහ BAJAJ සමාගම KTM සමාගම සමගද මෙවැනිම ගිවිසුම් වලට අත්සන් තබා ඇත්තේ ඉන්දියානු යතුරුපැදි ලොව අනෙකුත් සමාගම් සමග ඔසවා තැබීමේ ආරම්භක පියවර සනිටුහන් කරමිනි.


No comments:
Post a Comment