Monday, April 21, 2014

හොන්ඩා ඉන්දියානු යතුරුපැදි සමාගම නවතම මාදිළියක යතුරු පැදියක් එළි දක්වා ඇත.ඔවුන් විසින් මීට පෙර නිශ්පාදනය කරන ලද cb unicorn යතුරුපැදියට බොහෝ සෙයින් සමානකම් දක්වන මෙමෙ යතුරුපැදිය cb trigger ලෙස නම් කොට ඇත.150cc එන්ජින් ධාරිතාවයකින් යුතු මෙය මේ දිනවල ඉහල අළෙවියක් පෙන්වන yamaha fz යතුරුපැදියේ පෙනුමට යම් තරමක් සමාන වන අතර එය සමග කරට කර තරග කල හැකි යතුරු පැදියක් ලෙසද හදුන්වා දිය හැක

.Engine
FuelPetrol
TypeSingle-cylinder, air-cooled, four stroke, 149.1cc
Power14bhp at 8500rpm
Torque1.27kgm at 6500rpm
Transmission
Gearbox5-speed
Dimensions
Length2045mm
Width757mm
Height1060mm
Wheel base1325mm
Chassis & Body
Wheels6-spoke alloy
Tyres80/100 x 17 inches; 110/80 x 17 inches
Suspension
FrontTelescopic forks
RearSingle-shock, Rectangular swingarm
Brakes
Front240mm disc
Rear220mm disc (CBS)





න්‍යෂ්ටික බලාගාර මුහුද මැද ගොඩනගන සැලැස්මක්

භූමිකම්පා සහ සුනාමි තත්වයන් විසින් න්‍යෂ්ටික බලාගාර වලට සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමේ අරමුණින් ඉදිරියේදී න්‍යෂ්ටික බලාගාර මුහුද මැද ගොඩනගන සැලැස්මක් මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි ජැකොපෝ බුවොන්ගියොර්නෝ පවසන්නේ මෙමගින් සුවිශේෂී වාසි ගණනාවක් හිමිවන බවයි.
ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ න්‍යෂ්ටික විද්‍යා සහ ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය මහාචාර්යවරයාද වේ.
මෙම සැලසුමට අනුව න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරකය මුහුද යට ඉදි කෙරෙන අතර එම නිසා ඔනෑම අවස්ථාවකදී උණු වී යාමකට පෙර මුහුදු ජලය මගින් සිසිල් කළ හැකි වේ.

මේවා භූමිකම්පා හෝ සුනාමි තත්වයන්ට ඔරොත්තු දෙන අතර 2011දී විනාශවූ ජපානයේ ෆුකුෂිමා බලාගාරය වැනි අනතුරක් සිදුවීමේ අවස්ථාව ඉතාමත් අඩු බව පැවසේ.

Wednesday, April 16, 2014

හීරෝ යතුරු පැදි සමාගම KTM සමාගම සමග අත්වැල් බැ‍ද ගනී.hero motorcorp partnership with KTM.

ඉන්දියානු යතුරුපැදි නිශ්පාදකයෙකු වන හීරෝ(Hero motorcorp) යතුරුපැදි සමාගම ලොව ප්‍රබල අධිබල යතුරුපැදි නිශ්පාදකයෙකු වන EBR(errick buell racing)සමග වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇත.මේ අනුව හීරෝ සමාගමට EBR සමාගම සමග තාක්ශනය හුවමාරු කිරීමටත්,එකට එකව අධිබල යතුරුපැදි නිශ්පාදනයටත් ඉඩ කඩ හිමි වනු ඇත.
මීට ඉහතදී හීරෝ සමාගම ජපානයේ හොන්ඩා යතුරුපැදි සමාගම සමග එක්ව තම නිශ්පාදන කල අතර හීරෝ සමාගම හොන්ඩා හි වැඩි කොටස් ප්‍රමාණයක් මිළදී ගැනීමත් සමග හීරෝ ලෙස තනිව නිශ්පාදන කට‍යුතු කිරීමට පියවර ගත්හ.
ඉන්දියානු යතුරුපැදි ලොව ජනප්‍රිය වීමට මෙය ඉවහල් වනු ඇති බවට විචාරකයන් අදහස් පල කරයි.

 EBR යනු ඇමෙරිකානු සමාගමක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන නිශ්පාදනය වනුයේ අධිබල යතුරුපැදි වේ.

TVS සමාගම BMW සමාගම සමගද, සහ BAJAJ සමාගම KTM සමාගම සමගද මෙවැනිම ගිවිසුම් වලට අත්සන් තබා ඇත්තේ ඉන්දියානු යතුරුපැදි ලොව අනෙකුත් සමාගම් සමග ඔසවා තැබීමේ ආරම්භක පියවර සනිටුහන් කරමිනි.

තාක්ශනය ප්‍රදර්ශනයට පමණක් සිමා විය යුතුද?රටේ උන්නතිය සඳහා යොදාගත හැක්කේ කෙසේද?

සන්නිවේදන,තොරතුරු තාක්ශන,විනෝදාශ්වාද,ජීව විද්‍යා,අභ්‍යවකාශ විද්‍යාව ආදී නොයෙක් අංශයන්හි උන්නතිය හා ප්‍රගමනය කෙරේ සෘජු දායකත්වයක් ලබාදුන් යම් දෙයක් වේනම් ඒ ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි. ඇසට නොපෙනෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන යන පදාර්තයේ මූලික තැනුම් ඒකක භෞතික විද්‍යා න්‍යායන් ඔස්සේ රිසි සේ පාලනය කරමින් කෙතරම් කාර්යයක් කල හැකිද යන්න ඔබට තවමත් වටහා ගත නොහැකිනම් මට ඔබට ඊට දිය හැකි සරලම පිළිතුර වනුයේ ඔබ දැන් මේ ලිපිය කියවන්නේ එකී න්‍යායන් හි ප්‍රායෝගික යෙදුමක් නිසාවෙනි.
මේ ලිපියෙන් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව අපේ රටේ දියුනුව කෙරේ දායක කර ගත හැකි ආකාරය ඔබට පසක් කර දීමටයි.නමුත් කනගාටුවට කාරණ‍ය නම් වග කිවයුතු අංශ මේ පිලිබදව තම අවදානය යොමු නොකිරීමයි.තවමත් අපේ රටේ ප්‍රදාන විදේශ විනිමය උපයන මාර්ගය ලෙස ඔවුන් දක්වන්නේ ඇඟළුම් නිශ්පාදනය,තේ,පොල්,රබර් පමණි.ලොව දියුන ආර්ථිකයන්ට හිමිකම් කියන සෑම රටක්ම පාහේ එම සාර්ථකත්වයට ලඟා වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික තාකශනය පදනම් කරගෙනයි.(‍රථ වාහන නිශ්පාදනයද ඇතුලත් විය යුතුයි),එනම් ජංගම දුරකථන පරිඝනක ආදීයේ සිට විශාල ප්‍රමානයේ යන්ත්‍රෝපකරණ නිශ්පාදනයෙනි.ඊට ක්දිම නිදසුන මෑතකදී ලොව විශාලම ආර්ථිකයන්ගෙන් එකකට හිමිකම් කියන චීනයයි.madein china යන වචනය දුටුවොත් ඔබේ මනසට එන්නේ තත්වයෙන් බාල උපකරණ යන අදහසයි.නමුත්ලොව වේගවත්ම දුම්රිය වන බුලට් දුම්රිය චීන නිශ්පාදනයකි.ලංකාවට ගෙනවන ජංගම දුරකථන වලින් වැඩි ප්‍රමාණයක් චීනයේ නිශ්පාදනයන් වේ.ඊට හේතුව ඉලෙක්ට්‍රොනික් තාක්ශනය චීනය පුරා මුල් බැස ගැනීමයි.
එසේනම් ලංකාව වැනි ඉලෙක්ට්‍රොනික තාක්ශනය පිලිබද ඉහල දැනුමක් ඇති අය සිටිද්දීත් ඒ පිලිබදව වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවීම ඛේදවාචකයක් නොවේද?,
කෙටියෙන්ම කිවුවොත් පොල් ගාන යන්ත්‍රයට හෝ ඉලෙක්ට්‍රොනික් තාක්ශනය භාවිතා කල හැකිනම් එය පවා අපට පිට රටවලට අලෙවි කල හැකිය.
නමුත් අවාසනාවට අපේ රටේ ක්‍රියා පටිපාටිය ඊට පටහැනිය.නව නිර්මාණ ප්‍රදර්ශන වලට පමනක් සීමා වී ඇත්.ඒවා කාර්මික වශයෙන් නිශ්පාදනය කිරීමට අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට කිසිඳු රජයක් පියවර ගෙන නැත.බලදාරීන් පුටු රත් කරමින් රජයේ මුදලින් යැපෙමින් සැප විඳිනවා පමනයි.නව නිර්මාණ කරුවන් මුහුන දෙන ගැටළු රූපවාහිනී ඔස්සේ ඔබ දැක ඇති බවට සැකයක් නොමැත.ලෝකය අද ඔබ අප ජීවත් වෙන තත්වය කරා ගෙන ඒමට නව නිර්මාණ කරුවන්ගෙන් ලැබී ඇත්තේ සුළු පටු කාර්‍යයක් නොවේ.මක් නිසාද යත් අප් අද පරිහරණය කරන සෑම දෙයක්ම නව නිර්මාණ කරුවන් විසින් මෙලොවට දායාද කරන ලද ඒවාය.

එනිසා රටේ ඉදිරි අනාගතයේ ප්‍රගමනය ස‍දහා තාක්ශනික දැනුම ඉවහල් කර ගැනීමට තරම් මොලයක් අපේ රටේ පාලකයින්ට ලැබේවායි කියා අපි ප්‍රාර්ථනය කරමු.


මේ පිළිබඳව ඔබේ අදහස් පවසන්න.

Tuesday, April 15, 2014

මේ දවස් වල lg lcd tv සහ ජංගම දුරකතන බොහෝමයක භාවිතා වෙන IPS ඩිස්ප්ලේ ගැන ඔබ අසා ඇති.
IPS යනු බොහෝ සෙයින් TFT ඩිස්ප්ලේ වලටම සමාන ඩිස්ප්ලේ වර්ගයකි.නමුත් TFT ඩිස්ප්ලේ වල මෙන් නොව IPS වල TRANSSISTOR ලේයර් 2කි.එමෙන්ම TFT තිර වල responce time ඉතා අඩු බැවින් ඉතා සංවේදී අතර multimedia device සදහා ඉතා යෝග්‍යා වේ.IPS පැනල වල දර්ශන කෝණයද වැඩි නිසා මේවා multimedia device සදහා තවත් යෝග්‍ය වේ.IPS පැනල වල තවත් ගුණාංගයක් වනුයේ එහි දීප්තියද වැඩි වේ,එනිසා දැඩි හිරු එලියේදී පවා හොදින් වර්ණ දිස් වෙයි. 80 දශකයේදී මුලින්ම ලොවට හදුන්වා දුන් මේ තාක්ශනය වැඩි දියුනු කිරීමෙහිලා පුරෝගාමී ආයතන වනුයේ HITACHI සහ LG වේ.HITACHI සමාගම 1996 සිට 2010 දක්වා කාලය තුලදී පියවර කිහිපයකින් මේ තාක්ශනය වැඩි දියුනු කොට ඇත.

Ips පැනල නිශ්පාදනය ක‍රන සමාගම් ප්‍රධාන වශයෙන් 3කි.ඒ hitachi,lg සහ panasonic සමාගම් ත්‍රිත්වයයි.
Apple ජංගම දුරකථන වල භාවිතා වන්නේද ips ඩිස්ප්ලේ එකකි.එමෙන්ම ලොව 5 වන විශාලම ජංගම දුරකථන නිශ්පාදන සමාගමක් වන huawei සමාගම තම නිශ්පාදන සදහා බොහෝ විට යොදා ගන්නේ ips ඩිස්ප්ලේ වේ.
TFT LCD වලට වඩා IPS ඩිස්ප්ලේ මිලෙන් අධික වන අතර ඉහල ගුණාත්මක භාවයකින්ද යුක්ත වේ.


we love lasith malinga



ජය වේවා ලසිත් මාලිංග                                                        
අවුවෙ කට්ට කාල දුක විදල ක්‍රිකට් ගැහුවේ media කාරයන්ට ඕනෙ විදියට ඉන්න නෙමෙයිනෙ.අනික තමන්ගෙ හැකියාව පාවිච්චි කරල ලක්ශ ගනන් නෙමෙයි කෝටි ගනන් හෙවුවත් ඒ හොයන්නෙ තමන්ගෙ මහන්සියෙන් හැකියාවෙන් මිසක් අනුන්ට වල කපල නෙමෙයි.ඒ නිසා මාලි IPL එකට ගැහුවා කියල මටනම් වරදක් පේන්නෙ නෑ.මොකද මාලි IPL ගැහුවෙ නෑ කියල සත 5ක් දෙන්න එකෙක් ඉන්නවද?ඇමති මන්ත්‍රීල අනුන්ගෙ සල්ලි උඩ පිනුම් ගහන්න හො‍දයි නම් මාලිංග ක්‍රිකට් ගහල සල්ලි හොයන එකෙ වරදක් නෑනෙ..ඕනෙම දෙයක් පාට පාටින් දෑම්මොත් හොට් නිවුස් කියල මාකට් කරන්න පුළුවන් මේ රටේ මාලිංගට මඩ ගහල චෑනල් එක ප්‍රසිද්ද කර ගන්න පුළුවන් කියල සමහර මීඩියා කාරයෝ හිතුවට එදත්  අදත් අපි හිටියෙ මාලිංගගේ පෑත්තේ.අනික මීඩියා කියලා හෑම දේටම හොම්බ දාන්න අයිතියක් උන්ට නෑනෙ.එහෙනම් මීඩියා කාරයෝ කරන කියන හැමදේමත් පත්තර වල දාන්න ඕනෙ.කන්න ඕනේ වෙලාවට කබරයාව තලගොයා කර ගන්න මේ රටේ සමහර ගං කබරයන්ට මාලිංග දුන්නේ නියම උත්තරයක්.ලංකාවේ ක්‍රීඩකයො IPL ගහන එක වැරැද්දක් කියල සමහරු කියන්නෙ හරි හැටි හේතු දැනගෙනද කියල දන්නෙ දෙවියො තමයි.ඉන්දියන් කාරයෝ IPL හරහා අපේ අයගේ බෝල් වලට පුරුදු වෙනව නම් අපි T20 දිනුවෙ කොහොමද.....????