Formula කියපු ගමන් හැමෝටම මතක් වෙන්නේ Formula 1 නැත්නම් F1 හෙවත් Single Seater Racing Event වලට ලෝකේ අංක 1 තරඟය. Formula 1 කියන්නේ එම තරඟ ඉසවුවේ ලෝකේ තියෙන අංක 1 තරඟාවලිය. ඒ එක්කම අපේ ඔළුවට එන්නේ මයිකල් ශූ මාකර් ( හිම ග්ලැසියරයක් කඩන් වැටිලා මාස 6 ක් වොතර කෝමා එකක හිටියේ) , අයීටොන් සේනා , නිකී ලෝඩා ( මෙයාගේ ජීවිතය අලලා චිත්‍රපට පවා නිපදවුනා), ලුවිස් හැමිල්ටන් , සෙබෙස්තියන් වෙටෙල් වගේ ලෝක ප්‍රසිද්ධ ,ලෝක පූජිත ධාවකයින්ව. ඒ තරමට මේ F1 ඉසවුව ලෝක ප්‍රසිද්ධයි.
එතකොට Formula E-Championship කියන්නේ මොකක්ද ? . ඉදිරි ලෝකයේ තාක්ශනික සහ බලශක්ති පරිවර්තනය ගැන හිතලා Formula 1 තරඟ සංවිධායකයන් [එනම් Fédération Internationale de l'Automobile (FIA) , FIA ගැන කියනවනම් ඔවුන් තමා ලෝකේ අංක එකේ ධාවන තරඟ වැඩිම ප්‍රමාණයක් සංවිධානය කරන්නේ. එනම් FORMULA 1 , FORMULA -E , MOTO GP , WORLD RALLYCROSS CHAMPIONSHIP , WORLD RALLY CHAMPION ( කෙන් බ්ලොක් කියන ලෝකෙ අංක එකේ ඩ්‍රිෆ්ටර් මේ ඉවෙන් එකට සහභාගී වෙනවා ) ,WORLD SUPER BIKE (WORLD SBK), LE MANS 24 HOUR RACING වගේ ලෝකෙ අංක එකේ තියෙන තරඟ සියල්ලක්ම පාහේ සංවිධානය කරන්නේ මොවුන්] මේ FORMULA E-CHAMPIONSHIP එකක් ආරම්භ කරනවා , මේ ඉසවුවට 2019-2020 තරඟ වලට සහභාගී වෙන්න තීරණය කරල ඉන්න නිශ්පාදකයින් අතර ඉන්නේ එසේ මෙසේ වාහන නිශ්පාදකයින් නෙමෙයි . Audi Sport,BMW,Jaguar Land Rover,MercedesBenz, Nio, Nissan, Porsche තමයි එහෙම ඉදිරියේදී මේ තරඟයට තරඟ වදින්නේ. හිතා ගන්න පුළුවන් නේද එතකොට මේ තරඟ ඉසවුවේ තරම. BMW ,BENZ , AUDI ,PORSCHE කියන නිශ්පාදකයින් සහභාගී වෙන්න තරම් තරඟකාරී මෙන්ම බොහෝ පර්යේෂණ සඳහා යොමු වෙන්න මේ තරඟ ඉසවුව තෝතැන්නක් කියල ඔවුන් දන්නවා.ඉතින් මේ වගේ FORMULA E තරඟාවලියක තමන්ගේම ELECTRIC FORMULA කාර් එකකින් ( SPARK MAHINDRA M5ELECTRO)දැන් මේ වන විට 3 වන ස්ථානයේ ඉන්නවා.
මෙච්චර වෙලා පුරසාරම් දෙඩෙවුවේ මොන එකකටද කියල තාම තේරුනේ නැත්නම් මෙන්න කතාව කෙලින්.
අපේ අසල්වැසි ඉන්දියාව ,අපි කියනවා අපිට වඩා සාක්ශරතාවෙන් පහල ඉන්නේ කියලා; අද අපේ රටේ අයට තව බොහෝ කාලයකට යන්න තියා හිතලවත් නැති මට්ටමකට ගිහිල්ලා.මහින්ද්‍රා සමාගම යතුරු පැදි වලින් පවා ලෝකේ එහලම තරඟ වලට සහභාගී වෙනවා, ලෝකේ ඉහලම සමාගම් සමඟ තාක්ශණය හුවමාරු කරගෙන දිනෙන් දින දියුණු වෙනවා. දේශිය නිශ්පාදන සියල්ල වල පල්ලට යවපු අපේ රටේ ගොඩක් අය මේ වගේ තරඟ පවා ලෝකේ තියෙනවා කියල නොදන්න තරමටම පස්සට ගිහිල්ලා. ඒ අතින් අපි අසල්වැසි ඉන්දියාව ගැන සතුටු මෙන්ම , ජපානය කෙසේ වෙත්ත අඩුම තරමේ උන්දියාව දිහා බලලවත් ඔවුන්ගේ තාක්ශ්ණයට කිට්ටු වෙන්න පුළුවන්නම් ලොකු දෙයක්.
මේ රට දවසින් දවස විනාශ මුඛයට ගියානම් ඒ අපේ මිනිස්සු ගෙවල් වල ඉඳන් කකුල් උඩ දාගෙන රට පාලනය ගැන පුරසාරම් දොඩපු නිසයි. ලෝකය අපි නොදන්න ඉසවු වලින් ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා , අඩුම තරමේ ඒ මොනවද කියලවත් අද අපි දන්නේ නෑ, ඉතින් කොහොමද නොපෙනෙ ඉසවුවකට අපි යන්නෙ ?.
විවාදයට විවෘතයි. දැන්වත් වෙනස් වෙමු. මොකද අපි පරක්කු වැඩී දැන් හොඳටම. අඩුම තරමේ යතුරු පැදියක් වත්.අපේ රටේ නිපදවන්න පුළුවන්නම් , 100 % අපේම කියල වාහන නිශ්පාදනය කරල පිට රටට අපනයනය කරන්න පුළුවන්නම් ඒකයි විය යුත්තේ.
වෙනුර විශ්වජිත්.






