Sunday, September 17, 2017

Blue Whale owner meets Sri lankan.







දවස් කීපෙකට කලින් අපි මිරිස්සෙ ගියා තල්මස්සු බලන්න.ඔය ගමන් මම තලමහෙක් හුස්ම ගන්න උඩට එද්දි උගෙ පොටෝ කෑල්ලක් අරන් දැම්මා fb.මට පොඩි පුරුද්දක් තියෙනවා මොන දේවාලේ ගියත් පොඩි පොටෝ කෑල්ලක් අරන් fb දාන්න.මෙහෙමයි දැම්මේ "feeling happy with whale" .ඕක දැකලා සුද්දෙක් දවසක් මට මැසේජ් එකක් එවනවා."do u wanna play blue whale?".
මං කිවුවා " no cant,wathuren apalai,amma baninawa.shall we play batto?"

සුද්දා - what? I cant understand?

මං - what a fu#  ka#  sudda.i dont play with water. astrologer said me to not to play with water.i have 2 whirls (suliya) in my head.very bad luck from water.

සුද්දා - what whirl ? In head ? How could it be possible? What r u saying?

මං -it is Astrology.My mom strongly belive Astrologyh. watch PARA KIYANA THARUKA IN SWARNAWAHINI at Monday morning.Hadu sudda.

සුද්දා - no no man.it s a game.no troubles with water.trust me.just do what we say.u have 50 challenges.

මං - හම්මට කැ# සුද්දා.ප## .පො##.මං මොකටද හු## තෝ කියන ඒවා කරන්නේ. අඩෝ මං කරන්නේ මට ඕනෙ දේ.පුලුවන්නං වරෙං ලංකාවට.උකෝ## ගන්නේ හඩු සුද්ද..%@* #&# #&# #*#@ ##*# 72 $*#*2...........(continues )

සුද්දා -what ? Please type in english.

මං - use google translater u fu## whita.

සුද්දා - oh.....i see....i will tray....

විනාඩි කීපෙකට පස්සේ....


සුද්දා -i tried to translate them.google translater says "cannot find the meaning".im pissed off man.say in english.

මං - ane thoge lab## translator eka.okawath hoya ganna barida? Mehe podi ekekgen ahuwath kiyai oke theruma.a While our king Rawana flying with Dandumonaraya,u peoples are Weddos...

සුද්දා -who is king Rawana.

මං - read Ramayanaya .තොට ඉතිහාසේ උගන්නන්න තියා මමත් එහා පැත්තේ එකාගෙන් කොප්පෙ ගහල කනාවට ඉතිහාසේ ගොඩ දා ගත්තේ.මූ එනවා ගෝනි නැතුව කරේ යන්න.
Ok ok...lets play ur game.what is the 1st challange ?i have no enough data.tell soon.

සුද්දා - ok ok.make a tattoo of a whale with a sharp blade.

මං - ඕවත් වැඩද බන්.ගිය සතියේ කෙල්ලගේ නමත් කොටා ගත්තා බ්ලේඩ් එකකින්.අන්තිමට ප්‍රින්සිපල්
මාසෙකට ඉස්කෝලේ එන්න එපා කිවුවා.මම මේ සැපේ ගෙදෙට්ට වෙලා ඉන්න ගමන්. Which hand?

සුද්දා - any hand.

මං - which blade ? Gillette or Bic?

සුද්දා -  any blade.

මං - size ?

සුද්දා -any size.

මං - upper arm or lower arm ?

සුද්දා - any where idiot.

මං - අඩෝ කැ# සුද්දා..ගේමටනං එන්න එපා.අනං මනං කියන්න එපා.තෝ තනියෙන් ගහ ගනිං ගේම් එක.

සුද්දා - type in english

මං -what a f##k sudda.. learn sinhala.

මං -පිටි අල්ලේ කොටා ගන්නද ?

මං - may i draw it in my flour palm?

සුද්දා -flour palm ?

මං - piti alla.පිටි අල්ල..The other side of the palm.we call it piti alla.english meaning is flour Palm.the piti alla.

සුද්දා - OIC

මං -ටෞකන්ඩ මතක් කරන්න එපා ඔය යකාවනං.මගේ ලයිසන් එක ගිය අවුරුද්දේ ඌ ගත්තා බීලා බයික් පැද්දා කියලා.දැන්නං ඌට අමතකත් වෙලා ඇති.කට පියන් හිටපන්.

සුද්දා-ENGLISH PLEASE.

මං - I SAY FU## SUDDA.IF U WANT TO PLAY WITH ME FIRST LEARN SINHALA.THEN TALK TO ME IN SINHALA OK...I DONT EVEN WRITE ENGLUSH EXAM PAPER IN ENGLISH.I DID ENGLISH EXAM PAPER IN SINHALA.OK? IM A PURE SINHALESE.

සුද්දා එක පාට්ට අතුරුදන් උනා.....
ඊට මාස 3 කට පස්සේ ආපහු උගෙන් මැසේජ් එකක් ආවා.

සුද්දා - හෙලෝ මහත්මයා.අපි නිල්.තල්මස් ක්‍රීඩාවේ නිරත වෙමුද ? ඔබ කියූ පරිදි මම සින්හල උගත්තෙමි.

මං -................
( typing.deleting.typing.deleting)

සුද්දා -මම සිංහල උගත්තෙමි.අපි ක්‍රීඩාවේ නිරත වෙමුද ?

මං -හරි හරි බන්.උක්ත ආක්ක්‍යාත ව්‍යාකරණ ඕනේ නෑ කෙලින් කියපන් රෙද්ද.මට සිංහල ග්‍රැමර් පොඩ්ඩක් පැටලෙනවා.ලියන භාශාවෙන් නැතුව කියන භාශාවෙන් කියපන්.උඹත් අපේ සිංහල සර්ට එහානේ...

සුද්දා - හරි හරි හිතවත.මම එය සොයා බලා උගෙන,නැවත ඔබ අමතන්නෙමි.එතෙක් ඔබට සුභ දවසක්.

මං -බ් අබ් අබ් අබ අබ් බ ....

සුද්දා -කිමක්ද අබ් අබ බ අබ් යන්නෙහි අර්ථය.

මං -නෑ නෑ..මුකුත් නෑ.සිංහලෙන් see you කියන්නේ එහෙම.එල එල.කියවන හාශාවෙන් සිංහල ඉගෙනගෙන වරෙං. එල ..

තවත් මාසෙකට පස්සේ..

සුද්දා -අඩෝ බොක්ක..කෝමද ?මං උඹ කිවුව විදියට උක්ත ආක්‍යාත ව්‍යාකර්ණ නැතුව සිංහල කතා කරන්න ඉගෙන ගත්තා..ගේම් එක ගහමුද ?

මං -what game ??

සුද්දා - මොකක්?

මං -im asking " what game r u talking abt?"

සුද්දා -මොකක්ද බන් ? සිංහලෙන් කියපම් හු##

මං -ටහිකේ ... ඩිශ්කේ අම්මට ඩිශ්කේ... තොට ඉංග්‍රීසි අමතකද හු## .. පට්ට සිද්ධිය 😂😂😂

සුද්දා -ඔවුනේ බන්..මට දැන් ඉංග්‍රීසි වච මතක නෑ කියහන්කෝ ඒ මාස ටිකට.මල හු##

මං -එල එල.අවුලක් නෑ..මොන ගේම් එක ගැනද උඹ කිවුවේ බන් ?

සුද්දා -නිල් තල්මස් ගේම් එක බම්..අර අන්තිමට උඹ මට කිවුවේ ගේම් එක ගහන්නනං මට සිංහල ඉගෙනගෙන වරෙං කියලා අර මාස 4 කට කලිං.

මං -යකෝ අපෙ රටේ එවුන්ට කිසිම දෙයක් සතියකට වඩා මතක හිටින්නේ නෑ ඕයි.හරි හරි මං - දැං මොකක්ද කරන්න ඕනේ.

සුද්දා - අතේ තල්මහෙක්ගේ රූපයක් කොටා ගනිං බ්ලේඩ් තලේකින්.

මං -බ්ලේඩ් තලේ කියන්න එපා හු## ..එතකොට ඒක තලේ තලේ වෙනවා.බ්ලේඩ් එක කියපන්.

සුද්දා -එල එල.

මං -අතේනං ගහන්න බෑ.පිනා දැක්කොත් ආපහු මාසෙකට නිවාඩු දෙනවා.මට ගෙදර ඉන්න එකනං කජ්ජක් නෙමෙයි,එහෙම උනොත් කෑල්ලව සෙට් වෙන්න ඉස්කෝලෙට යන්න බැරි වෙනවා.වෙන කොහේ හරි කොටන්නද ?

සුද්දා -හරි හරි බන්.මොන හු## කකුලේ ගහපන් ඕක.

මං -කකුලේ ගහන්න බෑ යකෝ..ඉස්කේලේ යන්නෙ කොට කලිසම් ඇදලා.

සුද්දා -හරි හරි බන්.ඔය කොහේ හරි කොටා ගනිං මං-මොන මඟුලක්ද බන්.දැන්.මාස කීයක්ද කියපන්.උඹට කියන සිංහලේ තේරෙන්නෙ නැද්ද?ආයේ පාරක් එකම දේ ඇහුවොත් මං උඹලගේ පිනාට උබේ ලවු සීන් එක ගැන මාට්ටු කරල ඊ මේල් එකක් එවනවා ඈ.

මං - ඒ ඒ ඒ එ .....එහෙම කරන්නෙපා බන්.කින්ඩියක්නේ දැම්මේ..හරි හරි..පස්ස පැත්තේ කොටා ගන්නම්කෝ.

සුද්ද -උඹලට වැඩක් කිවුවම දහ අතේ වදින්න ඕනේ.උඹලගේ රටෙ අවුලක් බන් ඕක.එක වැඩකට සිය පාරක් විතර කන්නලවු කරන්න ඕනේ.ඒකට අපේ එවුන්.එක සැරයක්.දෙයක්.කිවුවම විනාඩි පහෙන් වැඩේ කරනවා.උඹලගෙ කිසි.දුයුණුවක් නැත්තේ ඕකනේ.බලහන් වෙන රටක එකෙකුට ඕක කිවුවනං උ මෙලහකට චැලේන්ජ් 50 ම කරල දිවි නසාගෙන.උඹට එක චැලේන්ජ් එකක් කරන්න මාස 5 ක් විතර ගියා.අන්තිමට මට සිංහලත්.ඉගෙන ගන්න උනා.

මං - කෙටුවා...

සුද්දා - එල..ඇති යන්තං.එවපන් පොටෝ කෑල්ලක් ගහල.

මං -අඩෝ අඩෝ සුද්දා....ඒවටනං එන්න එපා...තෝව පොලීසියට මාට්ටු කරල දෙනව වැරදි වැඩ කරන්න කිවුවා කියල...
සුද්දා -නැ නෑ බන්.නැත්තං මං කොහොමද දන්නේ උඹ හරියටම තල්මහෙක් කෙටුවද නැද්ද කියලා..

මං -ඒ කියන්නේ උඹට මාව ශුවර් නෑ...එහෙනං පල.පල.පල.ගේම එල ඉවරයි.

සුද්දා -නෑ නෑ මල්ලී...මේ අහන්නකෝ...ශේප් ශේප්.අපි එහෙනං මේ ගේම් එකේ වෙන චැලේන්ජ් එකක් කරමු.

මං මටම කියමින්..." මූ ආවා මගේ පස්සේ තල්මහෙක් කොටන්න.මූ හිතුවා මදි මාව තම්බන්න.මූ දන්නේ නෑනේ මම බෙන්තර ගගෙන් එහා කියලා.තව පොඩ්ඩෙන් පස්ස පැත්තේ තල්මහෙල් කොටා ගන්න වෙනවා මට 😂

මං -හරි හරි... ඊළඟ චැල්ලෙන්ජ් එක කියපන්.

සුද්දා-අන්තිම චැලෙන්ජ් එක කරල ඉවරයක් කරමු මේ ගේම...මල මඟුලක් බන් මේක.උඹත් එක්ක මේක කරනවට වඩා හොඳයි බෙල්ලේ ගලක් බැදන්  ගගේ පනින එක.උස බිල්ඩින් එකකට නැඟල බිමට පැනලා සෙල්ෆියක් ගනිං.

මං -මගේ ෆෝන් එකේ කැම් එකක් නෑ..හැමතිස්සෙම ෆේස් බුක් එකේම එල්ලිලා ඉන්නවා කියල අම්ම ෆෝන් එක පොලේ ගැහුවා.දැන් තියෙනේ නෝමල් නොකියා එකක්.

සුද්දා - හරි හරි .උඹ පැනපන් ,වෙන එකෙකුට කියපන් උඹ පනිනකොට ෆොටෝ එකක් අරන් ෆෙස්බුක් දාන්න කියල.

මං -පොඩී අවුලක් තියෙනවා.

සුද්දා -ඒ පාර මොන මගුලක්ද බන්..? උඹනං මහ වන රාජයෙක් බන්.ශික්.

මං -මට එච්චර විස්වාස යළුවෝ නෑනේ..උන් බැරි වෙලාවත්  ෆොටෝ එක ෆේස්බුක් දැම්මේ නැත්තං එහෙම?

සුද්දා -හරි හරි..බොලාගේ ටෝක් එකනං ගමකට ගහන්න  යාළුවෝ ඉන්නවා කියලා.හදිසියකට වැඩක් කර ගන්න යාළුවෙක් නෑ උඹලට.ඔහොම හිටහං , හෙට උදේ ප්ලේන් එකෙන් මම ලංකාවට එනවා.කොළබට සෙට් වෙයන් උඹ.උඹ බිල්ඩිමෙන් පනිද්දි මංම ෆොටෝ එකක් ගන්නං.ඉවරයිනේ.

මං -එල එල...උදෙන්ම වරෙං


පහුවදා උදෑසන 6.00 ට පමන සුද්දා ආයේ කෝල් කරනවා.


සුද්දා -අඩෝ මං ආවා..උඹ කොහෙද?

මං -මඟුලයි .මට අමතක උනානේ.මං තාම නිදි.හිටහං මං ඉක්මනට එන්නං.


නැවත දවල් 12.00 ට විතර සුද්දා ආපහු මැසේජ් එකක් දැම්මා.


සුද්දා -කෝ බන්..උඹ උදේ 6.00 ට නැගිටලා ගෙදරින් එනවා කිවුවා නේද ? තාම නෑනේ.දැන් 12.00 යි වෙලාව.මම උදේට කාලත් නෑ බන්.ඉක්මනට වරෙංකෝ.මට රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනෙ.

මං -හරි හරි බන්.ටිකක් හිටපන් .මම ප්‍රයිවෙට් බස් එකක එන ගමන්.මේ යකා 7.00 ඉදන් තාම ගාටනවා.මම ඉතින් ගාල්ලේ ඉදල එන්නත් එපැයි.තාම පානදුර හරියේ .කොළඹට එන්න තව පැය 2ක් වත් යයි.

සුද්දා -ආපෝ...උඹලත් එකයි උඹලගේ රටේ බසුත් එකයි.ඔක්කොම මහ වහ කුණු..නොදකිං.ඉක්මනට වරෙං .මම එතකං මොනව හරි කාලා එන්නම්.

මං - ආ එල එල..බලාගෙන කාපං.සමහරකඩවල් වලින් කෑවොත් සතියක් බඩ යනවා.

සුද්දා - නෑ එක්කෝ මම බඩ ගින්නෙම ඉන්නං.

මං - ඕන මඟුලක් කරගනිං.තව පැයෙන් මං කොළඹ.


පැයකට පසු මම කොළඹට ගියෙමි.නමුත් සුද්දාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත.මම කොළඹ කොටුව හරියේ පැයක් පමණ විපරං කලෙමි.සුද්දා ආගිය අතක් නොමැත.මාර සීන් එක.පසුව මම  කොටුව බස් නැවතුම්පල අසල ලොතරැයි විකුණන පොරකගෙන් සුද්දාගේ පොටෝ එකක් පෙන්නා ඒ වගේ එකෙක් දැක්කාද ඇසුවෙමි


ලොතරැයි විකුණන එකා - ආ ඔවු මල්ලි..මෙන්න මෙතන හිටියා.පොර කහ ඉරෙන් පාර මාරු වෙද්දි ප්‍රයිවෙට් බස් එකකට යට උනානේ..හයියෝ සංසරේ..


මං -කවුරුවත් ඌව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ නැද්ද?

ලොතරැයි විකුණන එකා -නෑ මල්ලි.හැමෝම වට වෙලා වීඩියෝ කර කර හිටියා..එකෙක්වත් ඌව ඉස්පිරිතාලෙ ගෙනිච්චේ නෑනේ....


R.I.P Blue whale